අනුරුද්ධ පෙරේරා මහතා වැලිබල් ලෙෂර් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවයයෙකු වන අතර වැලිබල් සමුහ ව්‍යාපාරය යටතේ ඇති අනෙකුත් පුද්ගලික සමාගම්වලද අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.
එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු සහ වරලත් අලෙවිකරුවෙකි. එසේම රන්ගමුව මහතා ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.
එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකත්වයද දරන අතර යුනිටෙක් (නවසීලන්ත) ආයතනයේ මූලික අධ්‍යයන (ක්‍රීඩා) සහතිකපත් ලාභියෙකි. ඔහු දකුණු ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ (ආචාර්යවෙදී ) උපාධිධාරියෙකුද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මුල්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකුද වේ.
මොහු සිය වෘතතිය ජීවිතය අර්නස්ට් සහ යන්ග් හි සුළු කාලයකින් අනතුරුව සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී තුලින් ආරම්භ කළේය. ඉන් පසුව ඒ මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී හා එක්වූ අතර එහි ගත කල දිගු කාල වකවානුවෙදී එහි අධ්‍යක්ෂ ධුරය දක්වා වූ විවිධ වැදගත් තනතුරු දැරීය. 2007 වසරේදී රන්ගමුව මහතා වැලිබල් ෆිනෑන්ස් හා එක්විය. ශ්‍රී ලංකා කල්බදු සංගමයේ උප සභාපති තනතුරද ඔහු විසින් දරා ඇත.
ඔහු පෑන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වශයෙන් මෙන්ම හුන්නස් ෆෝල්ස් පීඑල්සී සහ ෆිනෑන්ස් හවුස් කොන්සොර්ටියම් (පුද්) සමාගම යන අයතනවල අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද කටයුතු කරයි.
ටෝයෝහිකෝ මුරාකාමි මහතා ජපානයේ බෙන්සෙයි ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධාරියාය. ඒ මහතා සුරැකුම්, මූල්‍ය, රක්ෂණ හා දේපල වෙළඳාම ආදී වෙළඳ ක්ෂේත්‍ර ගණනාවකම වසර 33 ක පමණ කළමනාකරණ අත්දැකීම් ඇත්තෙකි. එසේම මුරාකාමි මහතා ජපානයේ ක්යෝටෝ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකි.
මුරාකාමි මහතා වර්ෂ 2005 නොවැම්බර් මස සී/ස බෙන්සෙයි සෙකියුරිටීස් (පුද්) සමාගමට සම්බන්ධ විය. අනතුරුව 2006 වසරේ පෙබරවාරි මස එහි විධායක උප සභාපති ධුරයට පත් කරනු ලැබ පසුව 2009 ජුනි මස දී එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය.
එසේම ඔහු සී/ස බෙන්සෙයි සෙකියුරිටීස් සමාගමේ සහෝදර සමාගමක් වන බෙන්සෙයි හොකේන් (ඉන්ෂුවරන්ස්) සමාගමේ සභාපතිවරයාද වේ. මුරාකාමි මහතා සී/ස සෙන්කොකු හෝෂෝ සමාගමේ උපදේශකවරයෙකු ලෙස 2005 නොවම්බර් සිට 2006 පෙබරවාරි දක්වා කාලය තුල කටයුතු කර ඇති අතර 2002 ජුනි සිට 2005 අගෝස්තු දක්වා කාලය තුල සී/ස එච් එස් සෙකියුරිටීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයේද කටයුතු කර ඇත.
ඔහු සී/ස බෙන්සෙයි හෝල්ඩින්ග්ස් ලංකා (පුද්) සමාගමේ සහ සී/ස බෙන්සෙයි සේකියුරිටීස් කැපිටල් (පුද්) සමාගමේ සභාපතිවරයා වේ. එසේම බෙන්සෙයි රෝයල් රෙසොර්ට්ස් හික්කඩුව (PLC) හි උප සභාපතිවරයා ද, පෑන් ඒෂියා බෑංකින් කෝර්පරේෂන් (PLC), බෙන්සෙයි ඇන්ඩ් එන් ඩබ් එස් කන්සල්ටන්සි (පුද්) සමාගම සහ හික්කඩුව හොටෙල් හෝල්ඩින්ග්ස් (පුද්) සමගම යන ආයතනවල අධ්‍යක්ෂකවරයෙකුද වේ.
අරවින්ද දැඩිගම මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියේ මූල්‍ය පිලිබඳ ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. එසේම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ උපාධිධාරියෙකි.
ඒ මහතා මූල්‍ය හා අපනයන ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවකටම සම්බන්ධ ආයතනවල වසර 23 කට අධික පලපුරුද්දක් ඇති අයකු වන අතර මූල්‍ය, භාණ්ඩාගාර, අවදානම් කළමනාකරණ හා ව්‍යාපාර ක්‍රමෝපාය සැකසුම ආදී විෂයන්හි විශේෂඥ දැනුමක් ඇත්තෙකි.
වර්තමානයේ දැඩිගම මහතා සමාගම් සමුහයේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකර අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි.
සිසිර සිරිමෙවන් වීරබාහු මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ට විධායක තනතුරුවල වසර 35ක අත්දැකීම් ඇත්තෙකි. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපන හදාරා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුල් වූ ඔහු සිවිල් ඉන්ජිනේරු අංශයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය. වීරබාහු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ කළමණාකරන ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ ද සාමාජිකත්වය උසුලයි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශව විධ්‍යාලයේ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාව ද හදාරා ඇති ඒ මහතා මූල්‍ය කළමණාකරනය පිළිබඳ අන්තර්ජාතික පුහුණුව ලැබුවෙකි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ලංකා සෙලියුලර් සර්විසස් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස වසර 14 ක් කටයුතු කර ඇති ඒ මහතා ලෝක බැංකු නේවාසික මෙහෙයුම් වැඩසටහනේ දේශිය යටතල පහසුකම් අංශයේ උපදේශකවරයෙකු ලෙස වසර 02ක කාලයක් කටයුතු කළේය. අනතුරුව මිලේනියම් සමාගම් සමුහය හා එක්වු ඔහු එහි මිලේනියම් හවුසිං ඩිවලපර්ස් PLC, සී/ස එම් සී අර්බන් ඩිවලපර්ස්, සී/ස මිලේනියම් හවුසිං, සී/ස එම්.සී.යුනිවර්සල් හා සී/ස මිලේනියම් විලා හවුසිං යන ආයතනවල අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි ලෙස වසර 19 ක් පුරා විශ්‍රාම ගන්නා තුරු කටයුතු කළේය.
ඔහු ව්‍යාපෘති සංවර්ධන, ව්‍යාපෘති මූල්‍යයනය, පොදු කළමණාකරන, මූල්‍ය හා ඉංජිනේරු යන අංශ පිළිබඳ පුලුල් අත්දැකීම් ඇත්තෙකි.
ජනකකුමාරසිංහ මහතා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජ්‍යේෂ්ඪ වෘත්තීයවේදියෙකු වන අතර රෙග්නිස් ලංකා, සිංගර් ශ්‍රි ලංකා, සන්ටෙල් සහ IUCN පාකිස්තානය හා නේපාලය යන ආයතනවල ජ්‍යේෂ්ඪ මානව සම්පත් කළමනාකරණ නිලයන්හී සේවය කර ඇත.ශ්‍රි ලංකා පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ (CIPM) යාවජීව සාමාජිකයෙකු වන ජනක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය වාණිජවෙදී උපාධ්ය ලබාගත් අතර ශාස්ත්‍රපති උපාධ්ය (ආසියා-පැසිෆික් මානව සම්පත් කළමනාකරණ) සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා CMA (ඕස්ට්‍රේලියා) හීද සාමාජිකයෙකි.
CIPM ශ්‍රි ලංකා සහ මානව සම්පත් කළමනාකරණ අසියා-පැසිෆික් සම්මේලනයේ හිටපු සභාපතිවරයා වශයෙන් ශ්‍රි ලංකාවට PQHRM (මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය මට්ටමේ සුදුසුකම) හඳුන්වා දීමට ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කල අතර මැලේසියාව සිංගප්පූරුව සහ එක්සත් ජනපදයේ පුහුණුව ලැබීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවට එලිමහන් ක්‍රියාකාරී පුහුණු සංකල්පය (Outward Bound Training Concept)යලි හඳුන්වාදීමට ක්‍රියාකල පුහුණු කිරීමේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද කටයුතු කලේය.
මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යායලයන්හී ශාස්ත්‍රපති උපාධි වැඩසටහන්හී මානව සම්පත් කළමණාකරනය පිලිබඳ බාහිර කතිකාචාර්යවරයෙකු වන ජනක මහතා මානව සම්පත් කළමණාකරන ක්ෂේත්‍රයට කල උදාර මෙහෙවර වෙනුවෙන් 2009 වසරේදීශ්‍රි ලංකා පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ (CIPM) රන් පදක්කමෙන් පිදුම් ලැබීය.
කුමාරසිංහ මහතා වර්තමානයේ මානව සම්පත් කළමණාකරනය පිලිබඳ දකුණු ආසියානු සඟරාවේ අන්තර්ජාතික උපදේශක කතෘ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද, ප්‍රමුඛ පෙලේ ඇඟලුම් නිෂ්පාදනායතනයක අධ්‍යක්ෂ - සම්පත් දායකත්ව (ව්‍යාපෘතී) ලෙසද, ඔහුගේම සමාගමක් වන කෙන්ට් රිජ් (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරයි.
ඔටා මහතා සී/ස බෙන්සෙයි සිකියුරිටීස් (පුද්) සමාගමේ කලමනාකර අධ්‍යක්ෂවරයා වන අතර මූල්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වාණිජ බැංකුකරණය, භාර බැංකුකරණය, කල්බදු, මූල්‍ය හා සුරැකුම් වෙළඳපල යනාදී අංශ පිලිබඳ 30 වසරකට අධික පළපුරුද්දක් ඇත්තෙකි. ඒ මහතා ජපානයේ ක්යෝටෝ විශ්ව විද්‍යාලයේ නීතිය පිලිබඳ උපාධිධාරියෙකු වේ.
2016 වසරේ සිට ඔහු සී/ස බෙන්සෙයි සිකියුරිටීස් ෆිනෑන්ස් (පුද්) සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ ධුරය හොබවන අතර ශ්‍රී ලංකාව හා ජපානය අතර මූල්‍ය හා වෙළඳ සහයෝගිතාව නැංවීමෙහිලා ඇපකැපවී ක්‍රියා කරයි. බෙන්සෙයි ව්‍යාපාර සමුහය විසින් එහි කලමනාකර අධ්‍යක්ෂවරයා ලෙස ආයතන සමුහයේ ශක්තිමත්භාවය හා ලාභදායිත්වය වර්ධනය කිරීම සඳහා වූ ඔටා මහතාගේ දායකත්වය ඇගයීමට ලක් කර ඇත.
මෙයට පෙර ඒ මහතා ජපානයේ දිගු කාලීන ණය බැංකුව (වර්තමානයේ ශින්සෙයි බැංකුව) -1982-2000, මිට්සුයි සුමිටෝමෝ ට්‍රස්ට් ආණ්ඩ බාන්කින්ග් - 200-2011, සහ සී/ස රිකෝ සමාගම - 2011-2014 යන ආයතනවලද සේවය කර ඇත.
එසේම ඔහු සී/ස බෙන්සෙයි සිකියුරිටීස් කැපිටල් (පුද්) සමාගම, සී/ස බෙන්සෙයි ආණ්ඩ එන ඩබ් එස් කන්සල්ටන්සි (පුද්) සමාගම, සී/ස බෙන්සෙයි හෝල්ඩින්ග්ස් ලංකා (පුද්) සමාගම, බෙන්සෙයි රෝයල් රිසොර්ට් හික්කඩුව (PLC), සහ සී/ස හික්කඩුව හොටෙල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම යන ආයතනවලද අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි.
සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. ණය ශේණිගත කිරීම : BBB+ Stable Outlook : ICRA ලංකා ලිමිටඩ්.
© for Vallibel Finance by: 230 interactive