• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

අප ගැන

වැලිබල් ෆිනෑන්ස් යනු ගනුදෙනුකරුවන් වෙත නව්‍ය හා මුදලේ වටිනාකමට සරිලන මූල්‍ය සේවාවන් සලසා දීම මගින් ඔවුනට නිසි මග පෙන්වන ආයතනයකි. අපගේ කාර්යය මණ්ඩලයේ වෙහෙස හා කැපවීම තුළින් මෙන්ම ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති උපරිම විශ්වාසය හේතුවෙන් අතිවිශිෂ්ට වූ වර්ධනයක් අත්පත් කරගනිමින් වසර 14ක සන්ධිස්ථානයකට පැමිණීම, අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වල සාර්ථකත්වය පිළිබඳ කදිම සාක්ෂියකි.

වැලිබල් ෆිනෑන්ස් වසර 14ක කෙටි කාලයක් තුළදී වාර්තාගත හා කැපී පෙනෙන ඉහළ වර්ධනයක් ලබන්නට සමත්ව සිටී. විශේෂයෙන්ම ඉතා අභියෝගාත්මක හා පසුගාමී කාලපරිච්ෙඡ්දයන් තුළදී පවා ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක යන අංශ දෙකෙහිම පැහැදිලි වර්ධනයක් ලබාගනිමින් ක්ෂේත‍්‍රයෙහි ආදර්ශමත් මූල්‍ය සමාගමක් බවට පත්වන්නට අපට හැකිවී ඇත. මෙය අපගේ කැපී පෙනෙන කාර්යය මණ්ඩලයේ හැකියාව, අපගේ ශක්තිය හා සැමවිටම වඩාත් ඵලදායී වූ දේ සිදුකිරීමට ඇති අවශ්‍යතාවය මෙන්ම අපගේ ඉහළ කාර්යයසාධන උපායමාර්ග තුළින් ලද ජයග‍්‍රහණයකි.

ශ‍්‍රී ලාංකීය ජන සමාජයේ විවිධ වූ අවශ්‍යතාවයන්ට හරියටම ගැළපෙන නව්‍ය මූල්‍ය විසඳුම් විශාල ප‍්‍රමාණයක් සමාගම මගින් සලසා දෙයි. දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, ඌව හා උතුරු මැද පළාත් තුළ විහිදුණු 55කට අධික ශාඛා ප‍්‍රමාණයකින් මෙන්ම විශේෂයෙන් පුහුණු කළ 1,200කට අධික සේවක මණ්ඩලහෙි කැපවීම තුළින් ගනුදෙනුකරුවන් උදෙසා සැමවිටම ඉහළ ගුණාමක්මකභාවයෙන් යුත් වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දෙයි.

වසර ගණනාවක් පුරා අපි ව්‍යවසායකින්ගේ සිට විශාල පරිමාණ සමාගම් දක්වාත් කුඩා පරිමාණ ව්‍යාපාරවල සිට ගෘහාශ‍්‍රිත කර්මාන්ත දක්වාත් ගනුදෙනුකරුවන්ට සාර්ථක හා සතුටුදායක මූල්‍ය සේවාවාවන් ලබා දී ඇත්තෙමු. වෙළෙඳ පොළෙහි විවිධ කාණ්ඩලවලට උචිත වූ නව්‍ය මූල්‍ය සැලසුම් හා ක‍්‍රමවේද තුළින් මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාදීම අපගේ පරිණතභාවය මනාව පිළිබිඹු කරන්නකි.

about-us

ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම මූල්‍ය සන්නාමය 2021, වේගයෙන්ම වර්ධනය වන රථවාහන මූල්‍ය සමාගම (The Fastes Growing Auto Finance Company) හා වඩාත් නව්‍ය වූ මූල්‍යකරණ සේවාවන් (වැලිබල් ඔටෝ ඩ‍්‍රාෆ්ට් හා වීල් ඩ‍්‍රාෆ්ට්) වැනි ජාත්‍යන්තර සම්මානයන් දිනාගැනීම වැලිබල් ෆිනෑන්ස්හි වර්තමාන ස්ථාවරත්වය, අතීත දායකත්වය හා අනාගත ශක්තිය මනා සේ විදහා දක්වයි. LMD (Lanka Monthly Digest) මගින් ‘වඩාත් ගෞරවණීය මූල්‍ය සමාගම’ ලෙස නම් කිරීම, සමාගමෙහි සාර්ථකත්වය දේශීය වශයෙන් අගැයීමට ලක් වූ අවස්ථාවක් ලෙස සාඩම්බරයෙන් සඳහන් කළ හැකිය.

ශ‍්‍රී ලාංකික ගනුදෙනුකරුවන් වෙනුවෙන් වඩාත් ඵලදායී, කාර්යක්ෂම හා පහසුකම් වලින් සපිරි සේවාවක් සැලසී වෙනුවෙන් අපගේ නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් තවදුරටත් විවිධාංගීකරණය කිරීම හා ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම වැලිබල් ෆිනෑන්ස් අනාගත අරමුණු අතර ප‍්‍රමුඛස්ථානය ගනී. රුපියල් බිලියන 40ක තැන්පතු පදනම හා බැඳී ඇති රුපියල් බිලියන 73ක වත්කම් පදනම හා ලාභදායී වර්ධනයක් කෙරෙහි සමාගම දක්වන නිරන්තර අවධානය අනාගත වර්ධන උපායමාර්ග දියත් කිරීම සඳහා ඇති හොඳම පදනමයි.

රට පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් ලබාදෙන අතරේම මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ විශාල ආකර්ෂණයක් දිනාගන්නටද වැලිබල් ෆිනෑන්ස් සැමවිටම සූදානම්ව සිටී.

අපගේ දැක්ම

ජාතික පුනර්ජීවනයක් සඳහා වැඩි ප්‍රදේශ ගණනාවක වැඩි ජන පිරිසක් කොටස්කරුවන් කරගනිමින්, අප රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා නොසිඳෙන ජවයකින් යුතුව අපගේ උපකාර අවශ්‍ය ජනතාව සොයා යෑම.

අපගේ මෙහෙවර

ජනතාවගේ හදගැස්ම හඳුනාගත් මූල්‍ය සේවා ව්‍යාප්තියක් සැකසීම හා ලබා දීම වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කිරීම අපගේ ආචාර ධර්මය කර ගනිමින් ගනුදෙනුකරුවන්ටත්, කොටස්කරුවන්ටත් පොදුවේ අප රටටත් වගකීමට බැඳුනු, මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස නිරත වන සෑම කාර්යකදීම වගකීමෙන් යුතුව විශිෂ්ටත්වය කරා යාම.



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive